• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා රජය සහ බංග්ලාදේශ රජය අතර, ඖෂධ සහ වෛද්‍ය උපකරණ ප්‍රසම්පාදනය කිරීම පිළිබඳව වූ අවබෝධතා ගිවිසුම

- වෛද්‍ය සැපයීම් මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකාව වාර්ෂිකව රුපියල් බිලියන 30ක් පමණ වැය කරන අතර, ඉන් රුපියල් බිලියන 17ක් පමණ වැය වන්නේ ඖෂධ මිල දී ගැනීම පිණිසය. දේශීය ඖෂධ නිෂ්පාදනය මඟින් ආසන්න වශයෙන් ජාතික ඖෂධ අවශ්‍යතාවයෙන් 10% - 15% සපයනු ලබන අතර, ඉතිරිය ප්‍රසම්පාදනය කර ගනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ලොව පුරා කැඳවනු ලබන ටෙන්ඩර් මඟිනි. ශ්‍රී ලංකාවේ ජනතාවට දැරිය හැකි මිලකට ගුණාත්මක තත්ත්වයෙන් හොඳ වෛද්‍ය සැපයුම් බාධවකින් තොරව ලබා දීමේ අරමුණින් දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.