• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නීතිය හා සාමය පිළිබඳ අන්තර් අමාත්‍යාංශ මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීම

- විනය ගරුක හා නීති ගරුක සමාජයක් බිහිකිරීම සඳහා අනෙකුත් අදාළ අමාත්‍යාංශවල සහ ආයතනවල ක්‍රියාකාරී සහභාගිත්වය සහිතව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ, පොලිස් දෙපාර්තමේන්තුවේ සහ විශේෂ කාර්ය බලකායේ ප්‍රතිපත්ති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස නීතිය හා සාමය පිළිබඳ අන්තර් අමාත්‍යාංශ මෙහෙයුම් කමිටුවක් පිහිටුවීම සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.