• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපරාධ මර්ධනය හා පොලිස් සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා රුසියානු සමූහාණ්ඩුවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම

- ත්‍රස්තවාදය, ජීවිත හා දේපළවලට ‍එරෙහි අපරාධ, දූෂණය, මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම හා මුදල් විශුද්ධිකරණය වැනි බරපතළ අපරාධවලට අදාළ තොරතුරු හුවමාරු කර ගැනීම මඟින් දෙරට අතර සහයෝගිතාව වර්ධනය කිරීම මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණ වේ. නීතිය හා සාමය පිළිබඳ ගරු අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.