• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යහපත් රැකියා, ශ්‍රම විගමනිකයින්ගේ සහ ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව සහ යහපැවැත්ම” ශ්‍රම විගමන වැඩසටහන පිළිබඳව ස්විට්සර්ලන්ත රජය සමඟ අවබෝධතා ගිවිසුම

- ශ්‍රී ලංකාවේ මුළු විගමනික සේවක ජනගහනය ආසන්න වශයෙන් මිලියන 1.7ක් වන අතර, 2012 වසරේදී විගමනික සේවකයින් විසින් ජාතික ආර්ථිකයට ඇමරිකන් ඩොලර් බිලියන 6.4ක (රුපියල් බිලියන 827ක) දායකත්වයක් ලබා දෙන ලදී. විගමනික සේවකයින්ගේ පවුල්වලට වඩා යහපත් සුබසාධන පහසුකම් සැපයීමේ සහ ආපසු පැමිණෙන විගමනික සේවකයන් ප්‍රතිසංකලනය කිරීමේ අරමුණ ඇතිව ආධාර ප්‍රදානය කරනු ලබන ජාත්‍යන්තර නියෝජිතායතනවල සහාය ඇතිව ජාතික ශ්‍රම විගමන ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට විධිවිධාන යොදා ඇත. මේ සඳහා ස්විස්ටර්ලන්ත රජය සමඟ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීමට විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය, ගරු ඩිලාන් පෙරේරා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.