• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1980 අංක 33 දරන පළිබෝධ නාශක පාලනය කිරීමේ පනත යටතේ වන රෙගුලාසි ගැසට් පත්‍රයේ පළ කිරීම

- උසස් තත්ත්වයේ නොවන පළිබෝධ නාශක වර්ග ලියාපදිංචි කිරීම අධෛර්යමත් කිරීමේ අරමුණින් ඉහත පනත යටතේ සකස් කරන ලද රෙගුලාසි රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා සහ ඉන් අනතුරුව, අනුමැතිය සඳහා එකී ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය, ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.