• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජපාන මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩ සටහන

- ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හි පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව ලබා දීම මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ විධායක මට්ටමේ නිලධාරින්ගේ ධාරිතාව ගොඩනැංවීම උදෙසා ජපාන රජය විසින් 2010 වසරේදී මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වන ජපාන ආධාර ප්‍රදාන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. ඉහත ශිෂ්‍යත්ව වැඩසටහන 2014 වසර තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ජපන් යෙන් මිලියන 215 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 245) ප්‍රදානයක් ලබා දීමට ජපන් රජය එකඟත්වය පළ කර ඇත. ඊට අදාළ ඉදිරි කටයුතු කිරීම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අති‍ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.