• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන් (IDA) දැනටමත් ලබා ඇති විශේෂ හැර ගැනුම් හිමිකම් මිලියන 53.7ක ණය මුදලට තවත් විශේෂ හැර ගැනුම් හිමිකම් මිලියන 12.0ක ණය මුදලක් ලබා ගෙන ණය මුදල වැඩි කරගැනීම

- ශ්‍රී ලංකා රජයේ දායකත්වයද සහිතව නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා විශේෂ හැර ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) මිලියන 53.7ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 83 ක්) ලබාගැනීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමඟ ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. ජාත්‍යන්තර සංවර්ධන සමායතනය විසින් සමස්ත දායකත්වය මිලියන 65.7ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 101.5 ක්) වන සේ මෙම කාර්යය උදෙසා තවත් (වි.ගැ.හි.) මිලියන 12.0ක මුදලක් ලබා දීමට දැන් එකඟ වී ඇත. මෙම ණය ගිවිසුම හා බැඳුණු කටයුතු කර ගෙන යාම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.