• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බටංගල ප්‍රදේශයේ පිහිටුවීමට යෝජිත විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ඉදි කිරීම් කටයුතු සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සපුගස්කන්දෙහි දැනට පිහිටි පුහුණු මධ්‍යස්ථානය විශ්වවිද්‍යාල විද්‍යායතනයක් ලෙස නවීකරණය සහ වැඩිදියුණු කිරීමේ කටයුතු ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) වෙත පැවරීම

- ඉහත සඳහන් ව්‍යාපෘතිවල ඉදි කිරීම් කටයුතු එනම්;

* කෑගල්ල දිස්ත්‍රික්කයේ බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ඉදි කිරීම් කටයුතු රුපියල් මිලියන 259.94ක පිරිවැයකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත; සහ

* ගම්පහ දිස්ත්‍රික්කයේ සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි ජාතික තරුණ සේවා සභාවේ පුහුණු මධ්‍යස්ථානය විශ්වවිද්‍යාල විද්‍යායතනයක් බවට පරිවර්තනය කිරිම සඳහා එහි නවීකරණ හා වැඩිදියුණු කිරීමේ කටයුතු රුපියල් මිලියන 153.64ක මුළු පිරිවැයකට විවෘත ටෙන්ඩර් පටිපාටිය මඟින් තෝරා ගත් සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු වෙත;

ප්‍රදානය කිරීම සඳහා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.