• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා වන නව උපාධි පාඨමාලා හඳුන්වා දීමට අවශ්‍ය ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම - කැලණිය විශ්වවිද්‍යාලය

- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන්ට ඇති ඉල්ලුම සපුරා ලීම සඳහා විශ්වවිද්‍යාලයන්හි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා ඊට අදාළ නව උපාධි පාඨමාලා සහ තාක්ෂණය මත පදනම් වූ උසස් අධ්‍යාපනික පහසුකම් ඉහළ නැංවීමේ කඩිනම් අවශ්‍යතාව අවධාරණය කර ඇත. ඒ අනුව, කැලණිය විශ්වවිද්‍යාලයේ කාර්මික කළමනාකරණ අධ්‍යයන අංශය විසින් මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය, තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය සහ කළමණාකරන සහ තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධිය යන නව උපාධි පාඨමාලා තුනක් හඳුන්වා දීමටත්, විවෘත මෘදුකාංග සංවර්ධනය සහ මෘදුකාංග විසඳුම් හා නඩත්තුව හා බැඳුණු ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමේ කාර්යය සඳහා ශිෂ්‍යයන්ට ප්‍රායෝගික දැනුම ලබාදීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමටත් සැලසුම් කර ඇත. කැලණිය විශ්වවිද්‍යාලය සඳහා රුපියල් මිලියන 500 ක මුළු වියදමකින් මහල් ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම සඳහා සහ ඊට අදාළ ඉදිරි කටයුතු කිරීම පිණිස උසස් අධ්‍යාපන අමාත්‍ය ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.