• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් සඳහා ඉහල ගුණාත්මකභාවයකින් යුත් අධිශක්ති විකිරණ චිකිත්සක උපකරණ හා අදාළ යටිතල පහසුකම් සැපයීම සඳහා වූ ව්‍යාපෘතිය

- මෙම කාර්යය සඳහා ප්‍රමුඛතා පදනම මත හඳුනාගත් පහත සඳහන් පළමු රෝහල් පහේ විකිරණ ආරක්ෂණ කොන්ක්‍රීට් බංකර ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් 1,103,061,593.82ක ඇස්තමේන්තුගත පිරිවැයකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට පිරිනැමීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* මහරගම ජාතික පිළිකා ආයතනය;
* යාපනයේ ශික්ෂණ රෝහල;
* කරාපිටිය ශික්ෂණ රෝහල;
* මහනුවර ශික්ෂණ රෝහල; සහ
* මඩකළපුව ශික්ෂණ රෝහල.