• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම - වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවල අවතැන්ව සිටි ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කිරීමේ රජයේ ප්‍රමුඛ වැඩසටහන යටතේ වවුනියාව ගාමිණි විද්‍යාලය ජාතික පාසලක් ලෙස උසස් කිරීම සහ වවුනියාව බෝගස්වැව විද්‍යාලයට යටිතල පහසුකම් ලබා දීම

- රටේ පැවති ගැටුම් තත්ත්වය හේතුවෙන් අවතැන්ව වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවල නැවත පදිංචි කරවන ලද ළමුන් විශාල සංඛ්‍යාවකට වඩාත් හොඳ අධ්‍යාපන පහසුකම් සැලසීම සඳහා වවුනියාවේ ගාමිණි විද්‍යාලය ජාතික පාසලක් ලෙස උසස් කිරීමට වවුනියාවේ බෝගස් විද්‍යාලයට දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට සහ ඒ විද්‍යාලයට අවශ්‍ය සියලුම මූලික පහසුකම් හා උපකරණ සැපයීමට අධ්‍යාපන අමාත්‍ය ගරු බන්ධුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියරේදී සිංහල සහ දෙමළ සිසුන්ට එකම පාසලක එකට ඉගෙනීමේ අවස්ථාව සපයා දෙමින් මන්නාරම දිස්ත්‍රික්කයේ ඇති ජාතික පාසල් 05 අතුරින් සුදුසු එක් ජාතික පාසලක් 2015 වර්ෂයේ සිට ත්‍රෛභාෂා පාසල ලෙස සංවර්ධනය කිරීම පිණිස තෝරා ගැනෙනු ඇත.