• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වර්තමානයේදී ක්‍රියාත්මක කරමින් පවත්නා උතුරු - නැ‍ඟෙනහිර පළාත් පාලන සේවාවන් වැඩිදියුණු කිරීමේ (පුර නැගුම) ව්‍යාපෘතිය සඳහා ඕස්ට්‍රේලියානු මූල්‍ය කටයුතු හා වෙළඳාම පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් ඇ.ඩො. මිලියන 18.8ක මූල්‍ය ප්‍රදානයක් ලබාගැනීම

- උතුරු සහ නැ‍ඟෙනහිර පළාත්වල පළාත් පාලන ආයතනවලට ඔවුන්ගේ සේවාවන් සහ ප්‍රාදේශීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට සහාය වීම පිණිස රජය විසින් උතුරු නැ‍ඟෙනහිර පළාත් පාලන සේවාවන් වැඩිදියුණු කිරීමේ (පුර නැඟුම) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය මඟින් උතුරු සහ නැගෙනහිර පළාත්වල ප්‍රාදේශීය සභා 65ක්, නගර සභා 12 ක් සහ මහනගර සභා 03 ක් ආවරණය කෙරේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 18.8 ක යෝජිත මූල්‍ය ප්‍රදානය, දැනට ක්‍රියාත්මක ‘පුර නැඟුම’ ව්‍යාපෘතිය යාබද මොනරාගල,පොළොන්නරුව, අනුරාධපුර සහ පුත්තලම් දිස්ත්‍රික්කවල පිහිටි අතිරේක පළාත් පාලන ආයතන 22 කට ව්‍යාප්ත කිරීම සඳහා ප්‍රයෝජනයට ගනු ලැබේ. එළැඹීමට නියමිත ගිවිසුම් හා බැඳුණු කරුණුවලට අදාළ කටයුතු කර ගෙන යාමට මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.