• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම

- යෝජිත වැඩසටහන මඟින් රජයේ බලශක්ති අංශයේ ආයෝජන වැඩසටහනෙහි හරිත විදුලිබල ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇති අතර, පුනර්ජනනීය විදුලිබල උත්පාදනයෙහි ලා පෞද්ගලික අංශයේ ආයෝජනය දිරිමත් කිරීමට සහ පහසුකම් සැලසීමට එය සහාය වනු ඇත. යෝජිත වැඩසටහනෙහි පළමුවැනි අදියරට පහත සඳහන් ඉදි කිරීම් කාර්යයන් ඇතුළත් වේ:

* මෙගාවොට් 30 ක ජල විදුලි බලාගාරය මොරගොල්ලේ ඉදි කිරීම.

* කෙරවලපිටිය (කි.වො. 220/33), කප්පල්තුරේ (කි.වො. 220/132/33), කළුතර හා කැස්බෑව (කි.වො. 122/33 බැඟින්) හි නව ජාල උපපොළවල් 04 ක් ඉදි කිරීම හා ආශ්‍රිත පහසුකම් ඇති කිරීම සහ බස්නාහිර, නැ‍ඟෙනහිර හා උතුරුමැද පළාත්හි කටුනායක හා පැරැණි අනුරාධපුර (කි‍.වො. 132/33) ජාල උපපොළවල් වර්ධනය කිරීම.

* නැ‍ඟෙනහිර හා වයඹ පළාත්වල වවුනතිව් හා මාද‍ම්පේ ප්‍රදේශ ආශ්‍රිත කි.වො. 33 ක බෙදා හැරීමේ මාර්ග හා ග්‍රැන්ට්‍රි ඉදි කිරීම; සහ

* භෞතික ආයෝජනයන් යටතේ කොළඹ නගරය තුළ නියමු උප ව්‍යාපෘති ඉදි කිරීම.

ව්‍යාපෘතියේ පළමුවැනි අදියර සඳහා රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ක දායකත්වයක් සපයනු ලබන අතර ඉතිරිය ආසියානු සංවර්ධන බැංකුව විසින් සපයනු ලබන ණය වශයෙන් ලබා දීමට අපේක්ෂිතය. එළැඹීමට නියමිත ගිවිසුම් සම්බන්ධයෙන් අදාළ කටයුතු කර ගෙන යාම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.