• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බෙලිඅත්ත දිස්ත්‍රික් රෝහල, විශේෂිත මාතෘ හා ළමා රෝහලක් ලෙස සංවර්ධනය කිරීම

- 2004 වසරේදී ඇති වූ සුනාමිය මඟින් ගාල්ල, මාතර, හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවල මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා ආයතනවලට සිදු වූ හානි හේතුවෙන් දිවයිනේ ගිනිකොනදිග ප්‍රදේශය සඳහා මාතෘ සහ ළමා සෞඛ්‍ය සේවාවන් සඳහා විශේෂිත රජයේ රෝහලක් පිහිටුවීම දිගු කලක සිට පැවැති අවශ්‍යතාවකි. ඉහත කාර්යය සපුරා ලීම සඳහා බෙලිඅත්ත දිසා රෝහල සංවර්ධනය කිරීමට යෝජිත අතර, ඒ සඳහා අවශ්‍ය ණය පහසුකම් ලබාගැනීමට නෙදර්ලන්තයේ බැංකුවක් සමඟ සිදු කළ සාකච්ඡා සම්මුති දැනටමත් අවසන් කර ඇත. ණය පහසුකම් ලබාගැනීම සඳහා නෙදර්ලන්තයේ බැංකුව සමඟ ගිවිසුම්වලට එළඹීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.