• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014 සැප්තැම්බර් 17 “ශ්‍රීමත් අනගාරික ධර්මපාල දිනය” ලෙස ප්‍රකාශයට පත් කිරීම

- ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 150 වන ජන්ම දින සංවත්සරය 2014 සැප්තැම්බර් මස 17 දිනට යෙදී ඇති අතර, එය සැමරීමට අග්‍රාමාත්‍ය කාර්යාලය, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා සහ විවිධ ආගමික වෙනත් සංවිධාන ඒකාබද්ධ ප්‍රයත්නයක නිරත වෙමින් සිටියි. 2014 සැප්තැම්බර් මස 17 වන දින ‘ශ්‍රීමත් අනාගරික ධර්මපාල දිනය’ ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය, ගරු ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.