• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය වෛද්‍ය අධ්‍යයන සම්පත් මධ්‍යස්ථාන සඳහා මහල් අටකින් යුතුව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි, ඉහත කොන්ත්‍රාත්තුව සාරානුකූල ලෙස ප්‍රතිචාර දක්වා ඇති ලංසුකරුවන් අතරින් මිල ගණන් ඉදිරිපත් කර ඇති අවම ලංසුකරු වෙත රුපියල් මිලියන 142.7ක පිරිවැයකට ප්‍රදානය කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය, ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.