• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාලම් 1,000 ක් ඉදි කිරීම

- ග්‍රාමීය පාලම් 537 ක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව එක්සත් රාජධානියේ සමාගමකට පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. මුළු රටම ආවරණය කෙරෙන ඉතිරි පාලම් 463 හි ඉදි කිරීම් කටයුතු දැනටමත් නෙදර්ලන්තයේ බැංකුවක් මඟින් මූල්‍යනය කිරීමට නියමිත යුරෝ මිලියන 105 ක වටිනාකමකට නෙදර්ලන්තයේ සමාගමකට පිරිනැමීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍ය, ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.