• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා 3(2) ඡේදය යටතේ සලසා ඇති විධිවිධාන ප්‍රකාර ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම සඳහා අනුමැතිය

- ප්‍රදේශයේ වෙසෙන පවුල්වල දැනට තිබෙන ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම යෝජිත ව්‍යාපෘතිය මඟින් ඉලක්කගත කෙරේ. මෙම ව්‍යාපෘතියේ අදියර 1 මඟින් එකී ප්‍රදේශය තුළ නේවාසික ඒකක 536 ක් සහ වෙළඳසැල් 100 ක් පමණ සපයා දෙනු ඇති අතර, එහි දෙවන අදියර නවීන පහසුකම් සමඟ වාණිජ සහ කාර්යාල ඉඩකඩ, නේවාසික ඒකක, හෝටල් ආදිය සපයන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වනු ඇත. යෝජිත ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 429.5 කි. 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පන‍ත යටතේ අදාළ කටයුතු කර ගෙන යාම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය, ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.