• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගාලු මුවදොර සිට ගල්කිස්ස දක්වා කොළඹ මුහුදු තීරයේ සුරක්ෂිතභාවය හා සංවර්ධනය අරභයා ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා බොස්කාලිස් ඉන්ටනැෂනල් බී.වී. සහ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම්වල යෝජනාව

- මෙම යෝජනාවෙන් අපේක්ෂා කරනුයේ කොළඹ මුහුදු තීරයේ ගාලු මුවදොර සිට ගල්කිස්ස අතර කි.මී. 10 ක භුමි ප්‍රදේශයක් ආරක්ෂා කිරීම සහ සංවර්ධනය කිරීමයි. මෙම ව්‍යාපෘතිය මඟින් කොළඹ බටහිර වෙරළ තීරයේ ආර්ථිකමය වටිනාකම සහ භූ දර්ශනය මට්ටම වැඩිදියුණු වන අතර, එය වෙරළ සංරක්ෂණ හා සමුද්‍රීය සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. මෙමඟින් අක්කර 590 ක භුමි ප්‍රදේශයක් ආවරණය වනු ඇත. මෙහි ඉදිරි කටයුතු කර ගෙන යාම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය, ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.