• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ (සංශෝධිත පරිදි) 3(3) ඡේදය යටතේ නිවේදනය - කොළඹ 03, ආර්.ඒ.ද මැල් මාවතේ මිශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීමේ යෝජනාව

- සංචාරක ක්ෂේත්‍ර පහසුකම් සැලසීම පිණිස විදේශීය සමාගමක් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක සමස්ත ආයෝජනයකින් යුතුව, නිවාස ඒකක සහ මෝටර් රථ නවතා තැබීමේ පහසුකම්වලින් සමන්විත වාණිජ කටයුතු සඳහා ඉඩකඩ ඇති මිශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියක් කොළඹ 03, ආර්. ඒ. ද මැල් මාවතේ, ස්ථාපිත කිරීම හා සම්බන්ධයෙන් 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අදාළ කටයුතු කරගෙන යාම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය, ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.