• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ජල මුලාශ්‍ර, ඒවායේ ජල පෝෂක ප්‍රදේශ, ජලාශ රක්ෂිත සහ ගංගා ඇළදොළ රක්ෂිත ආරක්ෂා කිරීම හා සංරක්ෂණය කිරීම

- සියලුම විෂය භාර අමාත්‍යාංශයන්ගෙන්, දෙපාර්තමේන්තුවලින්, නියෝජිත ආයතනවලින් සහ මහජනතාවගෙන් අදහස් ලබා ගැනීමෙන් අනතුරුව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවක් විසින් රටේ ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම පිළිබඳව වූ ජාතික ප්‍රතිපත්තියක් සකසන ලදුව, එම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය, ගරු ජනක තෙන්නකෝන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.