• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහවැලි ගංගා ද්‍රෝණිය ආශ්‍රිත ගොවි ජනපදවල කෘෂිකාර්මික ප්‍රජාව දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම්වලට අනුහුරු කරවීමේ ව්‍යාපෘතිය -

-මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර්ථය වනුයේ මහවැලි ගංගා ද්‍රෝණිය ආශ්‍රිතව වැසි දියෙන් යැපෙන කෘෂිකාර්මික ප්‍රජාව ඵලදායී ඉඩම් පරිහරණය හා ජලසම්පත් කළමනාකරණය තුළින් විවිධාංගිකරණය වූ තිරසර ජීවනෝපායන් වෙත යොමු කර දේශගුණික විපර්යාසයන්හි අහිතකර බලපෑම්වලට අනුහුරු වීමට උපකාරී වී ඔවුන්ගේ ජීවන රටාවන් ගොඩනැංවීමයි. පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලද්දේ එක්සත් ජාතීන්ගේ අනුහුරු කරවීමේ අරමුදල මඟින් ප්‍රදානය කරන ලද ඇමෙරිකානු ඩොලර් 7,989,727ක මුදල උපයෝගී කර ගනිමින් දේශගුණික අහිතකර බලපෑම්වලට ලක්වන සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි, සකස් කළ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටය.