• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ඕසෝන් ඒකකයේ සහයෝගය ඇතිව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන, අනුකූලතා සහාය වැඩසටහන මඟින් සංවිධානය කරනු ලබන දකුණු ආසියානු ඕසෝන් නිලධාරින්ගේ ජාලගත රැස්වීම - 2014 මැයි 27 සිට 30 දක්වා කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී -

- ඕසෝන් ස්තරය ආරක්ෂා කිරීම සඳහා වන වියානා සම්මුතිය ශ්‍රී ලංකාව විසින් පිළිගෙන ඇති අතර 1989 දී සඳහාත්, ඕසෝන් ස්තරයට හානිකර ද්‍රව්‍යයන් පිළිබඳ මොන්ට්‍රියල් සන්ධානය අපරානුමත කරන ලදුව 1990 සහ 1999 වර්ෂ අතර පසුව සිදු කෙරුණු සංශෝධන සඳහාද ශ්‍රී ලංකාව එකඟත්වය පළ කර ඇත. ශ්‍රී ලංකාව, ඕසෝන් ස්තරයට හානිකර ද්‍රව්‍යයන් ක්‍රමිකව ඉවත් කිරීමට දායක වන සක්‍රීය රටක් වන අතර, මුල් ප්‍රඥප්තියේ අවශ්‍යතා සැපිරීමේදී ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටවලට බොහෝ සෙයින් ඉදිරියෙන් සිටී. මෙම ජාලගත සමුළුව මොන්ට්‍රියල් ප්‍රඥප්තියේ ඕසෝන් ලේකම් කාර්යාලය මඟින් සැලසුම් කරන ලද වාර්ෂික රැස්වීමකි. පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් ඉහත සඳහන් රැස්වීමේ විස්තර අමාත්‍ය මණ්ඩලය වෙත සපයන ලද්දේ එහි දැන ගැනීම පිණිසය.