• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රසදිය සම්බන්ධ මිනමාටා සම්මුතිය අත්සන් තැබීම

- දිගු කාලයක් තිස්සේ පරිසරයට රසදිය මුදා හැරීම හේතුවෙන් මිනිසාගේ සෞඛ්‍යට සහ පරිසර පද්ධතියට ගෝලීය වශයෙන් අහිතකර බලපෑම් සිදුව ඇති බව නිරීක්ෂණය කර ඇත. ඉහත සම්මුතියේ ප්‍රධාන අරමුණ වන්නේ රසදිය වාතයට,ජලයට සහ භූමියට මුදා හැරීම අවම කිරීම මඟින් මානව සෞඛ්‍යට සහ ගෝලීය පරිසරයට එරෙහිව රසදිය මඟින් සිදුවන අහිතකර බලපෑම්වලින් ආරක්ෂා කරගැනීමය. පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව සම්බන්ධයෙන් විස්තීර්ණ අධ්‍යයනයක් සිදු කොට සලකා බැලීම පිණිස වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අදාළ අමාත්‍යාංශවලින් සහ ආයතනවලින් එක් නියෝජිතයකු බැගින් සමන්විත වන කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.