• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතයකු වශයෙන් ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා සමඟ කොරියානු ජනරජයේ සිදු කළ නිල සංචාරය

- අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතයකු වශයෙන් කොරියානු ජනරජය වෙත මෑතකදී තමා සිදු කළ නිල සංචාරයට අදාළව ආර්ථික සංවර්ධන අමාත්‍ය, ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු පැහැදිලි කරන ලදී. ආර්ථික බැඳීම් තවදුරටත් ඒකාබද්ධ කරගැනීම, විශේෂයෙන්ම දැනට ක්‍රියාත්මක වන ආර්ථික වැඩසටහන සඳහා සහ තාක්ෂණික හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සංචාරයේ අරමුණ වූ බව එතුමා විසින් ප්‍රකාශ කරන ලදී. දැනටමත් ක්‍රියාත්මක වන ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා සහ පහසුකම් සැලසීම හා ණය ආධාර පැකේජ තුළින් කොරියානු ආයෝජකයින්ම ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා දිරිමත් කිරීමට කොරියානු රජය කැමැත්ත පළ කරන ලද බවත් එතුමා විසින් පවසන ලදී. 2008 සිට 2012 දක්වා වූ කාලය තුළදී කොරියානු රජය විසින් ඇ‍මෙරිකානු ඩොලර් මිලියන 340ක මුදලක් ලබා දී ඇති බවත් 2015 දක්වා තවදුරටත් ඇමෙරිකානු ඩොලර් මිලියන 290ක මුදලක් ලබා දීමට අපේක්ෂිත බවත්, රටට සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් අත් කර දෙමින් ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් 25,000ක් පමණ කොරියාවේ රැකියාවල නියුතුව සිටින බවත් අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.