• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කරනු වස් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා අධ්‍යයන කණ්ඩායමක් පිහිටුවීම -

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික වෙළඳාම පුළුල් කිරීමේ අරමුණින් යුතුව බංග්ලාදේශය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමකට (FTA) හෝ වරණීය වෙළඳ ගිවිසුමකට (PTA) ඇතුළත් වීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිණිස අදාළ ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත අධ්‍යයන කණ්ඩායමක් පත් කිරීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, ගරු රිෂාඩ් බදියුදීන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.