• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
15. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, මැලේසියාවේ හයිරැක්ස් ඔයිල් එස්.ඩී.එන්. බී.එච්.ඩී. සමාගම හා එක්ව ලිහිසි තෙල් මිශ්‍ර කිරීමේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවෙහි පිහිටුවීම

- ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය දේශීය වෙළඳපොළට මෙන්ම අපනයන වෙළඳපොළට ලිහිසි තෙල් සැපයීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ මැලේසියාවේ සමාගමක් අතර හවුල් ව්‍යාපාරයක් වශයෙන් ඩොලර් මිලියන 09ක සමස්ත ආයෝජනයකින් යුත් ලිහිසි තෙල් මිශ්‍ර කිරීමේ කර්මාන්තශාලාවක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට අපේක්ෂා කරයි. ඊට අදාළ කටයුතු කරගෙන යාම සඳහා ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.