• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රෝග නිධානය හඳුනා ගත නොහැකි නිදන්ගත වකුගඩු රෝගයේ හඳුනා ගැනීමේ පරීක්ෂාව හා එයට ප්‍රතිකාර කිරීම සඳහා රෝග පරීක්ෂා සායන ස්ථාපිත කිරීම

- පදවිය, අරලගංවිල, බකමූණ, හෙට්ටිපොළ, පදවි ශ්‍රී පුර, දෙහිඅත්තකණ්ඩිය, වැල්ලවාය, තිස්සමහාරාම, වවුනියාව දකුණ(මාමඩුව), සම්පත්නුවර සහ තංගල්ල යන අදාළ රෝහල්වල, නිදන්ගත වකු‍ගඩු රෝගය හඳුනාගැනීමේ පරීක්ෂාව සඳහා සායන පිහිටුවීමට සහ එකී සායන ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.