• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇහැළියගොඩ නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දීම

- කලාපයේ පිහිටි ප්‍රධාන සේවා මධ්‍යස්ථානය වශයෙන් ඇහැළියගොඩ නගරයේ ඇති වැදගත්කම සලකමින් නාගරික සංවර්ධන අධිකාරිය විසින් කලාපීය නගර සංවර්ධන වැඩසටහන යටතේ ඇහැළියගොඩ නගරය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ. යෝජිත සැලැස්මට අනුව මැණික් වෙළඳාම සඳහා විශේෂ කලාපයක්ද ඇතුළුව රෝහල් සේවාවන්, බැංකු, මූල්‍ය හා ආර්ථික ක්‍රියාකාරකම් සඳහා වෙන් වූ කලාප ස්ථාපිත කිරීම සඳහා අක්කර 16 කට ආසන්න බිම් ප්‍රමාණයක් වෙන් කෙරෙනු ඇත. මෙම වැඩසටහන මඟින් අවට ප්‍රදේශවල ජනතාවටද වාසි සැලසෙනු ඇත. ඉහත කී ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවැරීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.