• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ ඉඩමක් කොට්ටාව නගරයේ සංවර්ධනය සඳහා පවරා ගැනීම

- නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොට්ටාව නගරයේ සංවර්ධනය සඳහා වන මහා සැලැස්මක් සකසා ඇති අතර ඊට වෙළඳ සංකීර්ණයක්, වාණිජ මධ්‍යස්ථානයක්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලයක් ඇතුළත් අතර ජනතාවගේ අනාගත අවශ්‍යතා සපුරාලීම පිණිස අනෙකුත් නාගරික පහසුකම් සැලසීමද එමඟින් අපේක්ෂා කෙරේ. ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිය කලාප කාර්යාලද මෙම ප්‍රදේශයේ ස්ථාපිත කරනු ඇත. අක්කර 04ක පමණ ආසන්න මෙම බිම් ප්‍රමාණය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.