• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රී පාද අඩවිය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම

- මුහුදු මට්ටමේ සිට අඩි 7353 ක උසකින් පිහිටි ශ්‍රී පාදස්ථානය අක්කර 100 කට ආසන්න බිම් ප්‍රමාණයක් ආවරණය කරයි. රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව වන්දනාකරුවන්ට වඩා හොඳ පහසුකම් සැපයීමේ අරමුණින් යුතුව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රී පාදස්ථාන විහාරය පිහිටි එකී ප්‍රදේශය ‘පූජා භුමියක්’ ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඇති හැකියාව සොයා බැලීම පිණිස නිලධාරි කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.