• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා තෙමහල් නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම

- රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා රුපියල් මිලියන 696.163ක මූල්‍ය පිරිවැයකින් තෙමහල් නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මඟින් නිර්දේශිත පරිදි ඉහත සඳහන් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය, ගරු ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.