• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකුව මඟින් අරමුදල් සපයනු ලබන කොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය - කොළඹ මහ නගර සභා සීමාව තුළ පිහිටි අපජල ප්‍රවාහන නළ මාර්ගයේ තෝරා ගත් කි.මී. 10ක ප්‍රමාණයක් පුනරුත්ථාපනය කිරීම සහ අපජල ප්‍රවාහන නළ මාර්ගයේ දුර කි.මී. 12.5ක තත්ත්ව පරික්ෂාව

මහ කොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 116.63ක ණය මුදලක් ශ්‍රී ලංකා රජයට ලැබී ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මඟින් නිර්දේශිත පරිදි ඉහත සඳහන් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය, ගරු ඒ.එල්.එම්.අතාවුල්ලා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.