• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014 ලෝක තරුණ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම -

- එක්සත් ජාතීන්ගේ සංවි‍ධානයේ සහයෝගය ඇතිව ලෝක තරුණ සමුළුව - 2014 ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අදාළව සිදු කර ඇති කටයුතුවල ප්‍රගතිය අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. විවිධ ජාත්‍යන්තර තරුණ සංවිධානවලින් සහ සිවිල් සමාජයන්ගෙන් නිරීක්ෂකයින් ලෙස සහභාගීවීමට ඇති කැමැත්ත පළ කරමින් අයදුම්පත් 3,000ක් පමණ ලැබී ඇත. තෝරා ගැනීමේ මණ්ඩලයක් විසින් තෝරා ගැනීමේ ක්‍රමවේදයක් මත අන්තර්ජාතික තරුණ නියෝජිතයන් 350 දෙනෙකු සහ දේශීය නියෝජිතයින් 100ක් තෝරා ගනු ලැබ ඇත. මේ වන විට සමුළුව සඳහා රටවල් 11ක තරුණ කටයුතු පිළිබඳ ඇමතිවරුන්ගේ සහභාගීත්වය සහ රටවල් 53ක තරුණ නියෝජිතයින්ගේ සහභාගීත්වය තහවුරු කර ඇත.