• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම

- ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය වෙනුවට ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා සහ එම කාර්යය සඳහා සකස් කරන ලද ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමටත් එය ක්‍රියාත්මක කිරීමට අරමුදල් ලබාගැනීමටත් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය, ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. එකී විශ්වවිද්‍යාලය පිහිටුවීමේ ප්‍රධාන අරමුණුවලින් කිහිපයක් පහත දැක්වේ.

* ධීවර, සමුද්‍ර විද්‍යා, සමුද්‍රීය තාක්ෂණය සහ සමාන ක්ෂේත්‍රවල විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දීම;

* අදාළ ප්‍රදේශවල මිනිස්බල අවශ්‍යතා සපුරා ලීම සඳහා ධීවර හා සමාන ක්ෂේත්‍රවලට අදාළ වෘත්තීය සහ තාක්ෂණික අධ්‍යයන පාඨමාලා සඳහා අවස්ථාව ලබා දීම;

* ධීවර, විද්‍යාව හා සබැඳි ක්ෂේත්‍රවල නියැළී සිටින තැනැත්තන් අතර ධීවර ,සමුද්‍ර සහ සමුද්‍රීය අංශවලට අදාළ දැනුම ව්‍යාප්ත කිරීම.