• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය හා ආනයනය කළ බීජවල ගුණත්වය පරීක්ෂා කිරීම සඳහා අන්තර් ජාතික බීජ පරීක්ෂණ සංගමයේ සාමාජිකත්වය ලබාගැනීම -

- අන්තර්ජාතික බීජ පරීක්ෂණ සංගමය වූ කලී බීජ පරීක්ෂණ සම්බන්ධව කටයුතු කර එහි පර්යේෂණ ප්‍රතිඵල සිය සාමාජික රටවල් අතර බෙදා හැර එමඟින් ඔවුනට බීජ පරීක්ෂණයේ ඒකාකාර බව සහතික කිරීම සඳහා අවස්ථා උදා කර දෙන ගෝලීය පිළිගැනීමක් සහිත ආයතනයකි. මේ සඳහා වන වාර්ෂික සාමාජික ගාස්තුව ගෙවීම සඳහා‍ කෘෂිකර්ම අමාත්‍ය, ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.