• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014 මැයි මස 26 වෙනි දින සිට ජූනි 05 වෙනි දින දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දියානු සාගර ටූනා කොමිසමේ එකොළොස්වන අනුකූලතා කමිටු සැසිවාරය, මූල්‍ය හා පරිපාලන කටයුතු පිළිබඳ එකොළොස්වන ස්ථාවර කමිටු සැසිවාරය සහ දහඅටවන කොමිෂන් සභා සැසිවාරය

- ශ්‍රී ලංකාවද සාමාජිකයකු වන ඉන්දියානු සාගර ටූනා කොමිසම ඉන්දියන් සාගරය හා යාබද මුහුදුවල ටූනා සහ ටූනා වැනි විශේෂයන් කළමනාකරණ කාර්යභාරය පැවරී ඇති රජයන් අතර සංවිධානයකි. මෙම කොමිසමෙහි අරමුණ වනුයේ එහි සාමාජිකයන් අතර සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සහ ධීවර අංශයේ තිරසර සංවර්ධනය දිරි ගැන්වීමයි. ඉහත සම්මන්ත්‍රණයේ සත්කාරකත්වය දැරීම හා සබැඳි කටයුතු කර ගෙන යාම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය, ගරු රාජිත සේනාරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.