• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය පනත

- මානසික රෝග ආඥාපනත (559 වන අධිකාරිය) මානසික සෞඛ්‍ය හා බැඳුණු වත්මන් නීතිය වන අතර එය පදනම් වී ඇත්තේ මෙම නීතිය මුලින්ම පනවන ලද අවධියේ, එනම්, 1873 දී පැවති මානසික ආබාධ සම්න්ධයෙන් වූ සංකල්ප සහ ආකල්ප මතය. එවක් පටන් වෙනස්වීම් බොහොමයක් සිදුව ඇති අතර පවත්නා ආඥාපනත ප්‍රතිශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව මේ සඳහා නව නීති කෙටුම්පත් කිරිම සඳහා නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් දීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.