• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය වන ඖෂධ මිල දී ගැනීමේදී බටහිර ඖෂධ දේශීයව නිපදවන නිෂ්පාදකයින් හට ප්‍රමුඛතාව ලබා දීම

- රාජ්‍ය සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය වන ඖෂධ මිල දී ගැනීමේදී බටහිර ඖෂධ දේශීයව නිපදවන නිෂ්පාදකයින් හට ප්‍රමුඛතාව ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි. මෙම ක්‍රියාවලිය මඟින් ඖෂධ මිල දී ගැනීම සහ ප්‍රවාහනය කිරීම සඳහා වැය වන විදේශ විනිමය ප්‍රමාණයද අඩු වනු ඇති අතර එනයින් ඖෂධ ගබඩා කිරීමට අවශ්‍ය වන ඉඩකඩ ප්‍රමාණයද අඩු වනු ඇත.