• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය සේවයේ ආරවුල් බේරුම් කිරීම සහ සමාජ කතිකාවත ප්‍රවර්ධනය සඳහා වන යාන්ත්‍රණය

- රජයේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී සහ පුරවැසියන් වෙත භාණ්ඩ හා සේවාවන් බාධාවකින් තොරව ලබා දීමේදී ශක්තිමත් සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් පැවතීම තීරණාත්මක සාධකයක් බව නිරීක්ෂණය කරනු ලැබ ඇත. සේවක / කළමනාකරණ ආරවුල් වළක්වා ලීම සහ නිරාකරණය සඳහා වන යෝජිත යාන්ත්‍රණය කතිකාවත / විචාරණය, මැදිහත්කරණය සහ බේරුම්කරණය යන තෙවැදෑරුම් ක්‍රමෝපාය මත පදනම්ව ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියේ නියමු අදියරේ ක්‍රියාකාරකම් අනෙකුත් සියලු අමාත්‍යාංශ වෙත ව්‍යාප්ත කිරීම සඳහා යහපාලනය සහ යටිතල පහසුකම් පිළිබඳ (ජ්‍යෙෂ්ඨ) අමාත්‍ය, ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.