• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික මානව සම්පත් හා සේවා නියුක්ති ප්‍රතිපත්තියේ ප්‍රධාන සැලැස්ම (Master Plan) ක්‍රියාත්මක කිරීම

- ජාතික මානව සම්පත් හා සේවා නියුක්ති ප්‍රතිපත්තිය මානව සම්පත් සංවර්ධන කාර්යයන් හා ශ්‍රී ලංකාවේ පිරිමි සහ කාන්තා දෙපිරිසටම ඵලදායී සහ නිදහස් ලෙස තෝරාගත් රැකියාවන් සපයා දීම පිණිස ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පාලනය කෙරෙන රජයේ ප්‍රතිපත්තිමය රාමුව වන අතර එමඟින් මානව සම්පත් සංවර්ධනයේදී සහ රැකියා ප්‍රවර්ධන කටයුතුවලදී අදාළ මෙන්ම වැදගත් වන විෂය ක්ෂේත්‍ර ගණනාවක්ම ආවරණය වේ. මෙම කාර්යය සඳහා සකස් කරන ලද ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස සහ ඊට අදාළ ඉදිරි කටයුතු කර ගෙන යාම සඳහා මානව සම්පත් පිළිබඳ (ජ්‍යෙෂ්ඨ) අමාත්‍ය, ගරු ඩී.ඊ.ඩබ්ලිව්.ගුණසේකර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.