• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය නගර සංවර්ධන ව්‍යාපෘතිය

- රජයේ දස අවුරුදු සංවර්ධන වැඩසටහන යටතේ පශ්චාත් යුද සමයේ සංවර්ධනය කිරීම සඳහා හඳුනාගෙන ඇති වැදගත් කලාපයන්ගෙන් එකකි යාපනය. යාපනය නගරයට පැමිණෙන ජනතාවට නවාතැන් පහසුකම් සැලසීම සඳහා සියලුම පහසුකම්වලින් සමන්විත කාමර 38කින් යුත් තානායමක් ඉදි කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් යෝජනා කරනු ලැබ ඇත. තානායම ඉදි කිරීම සඳහා අවශ්‍ය ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරීම සඳහා සහ තානායමේ ඉදි කිරීම් කටයුතු ක්‍රියාවට නැංවීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.