• Increase font size
  • Default font size
  • Decrease font size

2014-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එල්ටීටීඊ ක්‍රියාකාරියකු වූ එලිලන්ගේ බිරිඳ අනන්දි මහත්මිය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතා කරන ලද කථාව

- සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය, ගරු ඩග්ලස් දේවානන්දා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද සටහනක් මඟින්, එල්ටීටීඊ ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වූ බවට විශ්වාස කෙරෙන අනන්දි සසිධරන් මහත්මිය විසින් අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන දෙකකට වෙන් කර තිබූ කාලය ප්‍රයෝජනයට ගනිමින් රජයේ ප්‍රතිරූපය කෙළෙසීමට සහ වත්මන් ජිනීවා සැසි වාරයට සහභාගි වන ජාත්‍යන්තර ප්‍රජාවගේ අනුකම්පාව දිනාගැනීම උදෙසා උතුරු පළාතේ පවතින සැබෑ තත්ත්වය වෙනුවට මුළුමනින්ම විකෘති චිත්‍රයක් මවා පාමින්, රජයට එරෙහිව අසත්‍ය චෝදනා නඟමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතා කරන ලද ද්වේශසහගත ප්‍රකාශ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරන ලදී. අමාත්‍ය මණ්ඩලය විසින් ඉහත කරුණ පිළිබඳව සිය නොසතුට පළ කරන ලද අතර, ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි පිහිටි රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල මඟින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පවතින සැබෑ තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම සඳහා වහාම පියවර ගන්නා මෙන් විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටීමට තීරණය කරන ලදී.