• Increase font size
  • Default font size
  • Decrease font size

2014-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ජල සතිය - 2014 මාර්තු 16 සිට මාර්තු 22 දක්වා

- සෑම වසරකම මාර්තු 22 ලෝක ජල දිනය වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගනු ලැබ ඇති තීරණය ප්‍රකාරව 2014 මාර්තු 16 සිට 22 දක්වා කාල සීමාව ශ්‍රී ලංකාවේ ජල සතිය වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට සහ එම කාර්යය සඳහා සැලසුම් කර ඇති වැඩසටහන් ක්‍රියාවට නැංවීම සඳහා ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.