• Increase font size
  • Default font size
  • Decrease font size

2014-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ද්විත්ව බදුකරණය මඟ හැරවීම සහ ආදායම් මත බදු ගෙවීම පැහැර හැරීම වළකා ලීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ සිංගප්පූරු ජනරජ ආණ්ඩුව අතර ඇති කරගනු ලබන ගිවිසුම

- ඉහත ගිවිසුම ආණ්ඩු මට්ටමින් අත්සන් කිරීම සඳහා සහ 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.