• Increase font size
  • Default font size
  • Decrease font size

2014-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස් රථ 2,200ක් මිලට ගැනීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ සාකච්ඡා සම්මුති කමිටුව මඟින් නිර්දේශිත පරිදි එක් රථයක් ඇමෙරිකානු ඩොලර් 31,100 බැගින් වූ ආසන 42ක් සහිත දොර දෙකේ බස් රථ 800ක් සහ එක් රථයක් ඇමෙරිකානු ඩොලර් 34,100 බැගින් වූ ආසන 54 අර්ධ සුඛෝපබෝගී බස් රථ 1,400ක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ සී/ස අශෝක් ලේලන්ඩ් සමාගමට පිරිනැමීම සඳහා ප්‍රවාහන අමාත්‍ය, ගරු කුමාර වෙල්ගම මැතිතුමා විසින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.