• Increase font size
  • Default font size
  • Decrease font size

2014-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොරියාවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල විසින් අරමුදල් සපයනු ලබන හැටන් - නුවරඑළිය මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - සිවිල් වැඩ කොන්ත්‍රාත්තුව සඳහා වෙනස් කිරීමක් සිදුකිරීම

- අවිස්සාවේල්ල - හැටන් - නුවරඑළිය (ඒ7) මාර්ගයේ හැටන් - නුවරඑළිය මාර්ග කොටස (කි.මී.46.75) වැඩිදියුණු කිරීමේ පිරිවැය දැරීම පිණිස ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක ණය මුදලක් කොරියාවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල වෙතින් ශ්‍රී ලංකා රජයට ලැබී ඇත. මුල් ව්‍යාපෘති යෝජනාවට ඇතුළත් කෙරෙන වෙනස් කිරීම් අතර නානු ඔය දුම්රිය හරස් මඟ පිහිටි ස්ථානයේ යටබිම් මඟක් (Underpass) ඉදි කරීම සහ කොටගල උමං මාර්ගයක් ඉදි කිරීම වැදගත් වේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මඟින් නිර්දේශිත පරිදි මුල් කොන්ත්‍රාත්තුවේ පිරිවැය සංශෝධනය කිරීමට සහ වැඩ නිමා කරන දිනය 2014‑06‑01 දින සිට 2015‑03‑02 දක්වා දීර්ඝ කිරීමට මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.