• Increase font size
  • Default font size
  • Decrease font size

2014-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතිය - කෙරවලපිටිය සිට කඩවත දක්වා වන උතුරු කොටස II සඳහා සිවිල් වැඩ කොන්ත්‍රාත්තුවෙහි ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීම පිණිස උපදේශක සේවා සමාගමක් තෝරා ගැනීම

- පිටත වටරවුම් මහාමාර්ගය කොට්ටාවෙන් ආරම්භ වී කඩුවෙල, කඩවත ඔස්සේ දිව ගොස් කෙලවරපිටියෙන් අවසන් වේ. එය දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය, යෝජිත උතුරු අධිවේගී මාර්ගය සහ අනෙකුත් ප්‍රධාන ජාතික මහාමාර්ග සමඟද සම්බන්ධ වේ. ඉහත කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශාත්මක ප්‍රසම්පාදන කමිටුව මඟින් නිර්දේශිත පරිදි පිරිනැමීම සඳහා මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.