• Increase font size
  • Default font size
  • Decrease font size

2014-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ නව ගොඩනැඟිල්ල ඉදි කිරීම

- ශ්‍රවණාගාරයක්, පුස්තකාලයක්, දේශනාගාර සහ පරිපාලන ප්‍රදේශයක් ඇතුළත් මහල් 06ක ගොඩනැඟිල්ලක් ඉදි කිරීම මෙම ව්‍යාපෘතියට අයත් වේ. ඉහත කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මඟින් නිර්දේශිත පරිදි අවම ලංසුව ඉදිරිපත් කළ සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරු වන මධ්‍යම ඉංජිනේරුමය උපදේශක කාර්යාංශය වෙත පිරිනැමීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.