• Increase font size
  • Default font size
  • Decrease font size

2014-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නීතිපති දෙපාර්තමේන්තුව සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

- නීතිපති දෙපාර්තමේන්තුව දැනට පවත්වා ගෙන යනු ලබන්නේ වසර 80ක් පමණ පැරණි ගොඩනැඟිල්ලක වන අතර වැඩි ඉඩකඩක් සහ වඩා හොඳ පහසුකම් ලබා දීමේ අරමුණ ඇතිව දෙපාර්තමේන්තුව සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට අපේක්ෂා කෙරේ. රුපියල් මිලියන 1,182ක පිරිවැයකින් එම දෙපාර්තමේන්තුව සඳහා නව ගොඩනැගිල්ලක් ඉදි කිරීම, එම ව්‍යාපෘතිය වසර දෙකක කාල සීමාවක් තුළ නිම කිරීම සහ ඊට අදාළ ඉදිරි කටයුතු කර ගෙන යාම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.